අනෙකුත් දෙපාර්තමේන්තු සඳහා අවශ්‍ය පර්යේෂණ සහාය ලබා දීම, දත්ත සමුදායන් නඩත්තු කිරීම, ජෛවමිතික විෂය ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ පැවැත්වීම සහ රබර් අංශයේ සහයෝගීතා පර්යේෂණවලට සම්බන්ධ වීම ජෛවමිතික අංශයේ ප්‍රධාන අරමුණු වේ. පර්යේශකයින්ට උපරිම සේවාවක් සැපයීම සඳහා, ජෛවමිතික අංශයේ කාර්ය මණ්ඩලය රබර් අංශයට සුදුසු සංඛ්‍යානමය ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියක නිරතුරුව යෙදී සිටිති.
2019 දී ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් BSc (කෘෂිකාර්මික තාක්‍ෂණය හා කළමනාකරණය) පිළිබඳ මූලික උපාධිය ලබා ඇති අතර දැනට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයෙහි ජෛවමිතික අංශයේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යවහාරික සංඛ්‍යානය (Applied Statistics) යන විෂය ක්ෂේත්‍රයෙන් ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. ඔහුගේ වර්තමාන පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ : සංඛ්‍යාන ක්‍රම, නව පරිගණක යෙදුම් සහ රබර් අංශයේ පර්යේෂණ සඳහා පරිගණක ක්‍රමලේඛනය සහ රබර් කර්මාන්තය සඳහා නව සංඛ්‍යානමය ප්‍රවේශයන් සංවර්ධනය කිරීම.